welcome

Wednesday, June 10, 2009

රිටිගල කන්ද ගැන සැකෙවින්

උතුරු මැද තැනිතලා භුමියේ ඇති උසම කදු සිඛරය ඇතුලු කදු ගැට කිහිපයකින්ම සැදුම් ලත් මෙම කදු පෙළටම පොදුවේ හදුන්වනු ලබන්නේ රිටිගල කන්ද කියාය.

රිටිගල කන්ද හැම අතින්ම වගේ විශේෂ පිහිටිමක් ඇතිව තමයි ස්ථාන ගත වි තියෙන්නේ.භුමි ශාස්ත්‍රය අතින් ගත් කල මෙය උතුරු මැද තැනිතලාව වශයෙන් සලකන තැන්නේහි ඇති ශේෂ කදු අතර මහ රාජයා වැනිය.තවත් ප්‍රසිද්ධ ශේෂ කදු වන සිගිරිය,දිඹුලාගල,මිහින්තලය මේ ආදි සෑම කන්දකටම වඩා උස්වේ. එනම් මෙම කදු සිඛරය අඩි 2513(මිටර් 766) පමන උස් වේ. සැතපුම් තුනක් පමන දිග වන මෙම කදු වැටිය,සමහර ස්ථාන සැතපුම් දෙකක් පමන පළල වේ.

අපි මේ කදු වැටිය රිටිගල ලෙස පොදුවේ නම් කලත් මෙහි ඇති එක් එක් කදු වෙනම නම් වලින් හදුන්වනු ලබයි.උණ කන්ද,මහ කන්ද,ආඩියාගල කන්ද,ඹෟෂධ කන්ද,අමරාපති කන්ද යනු මින් කිහිපයකි.මෙවැනි කදු සිඛර හතක් ඇති බවත් එවාට වෙන වෙනම නම් ඇති බවත් පැරන්නන් පවසති.

අනෙක් අතින් ගත් කල රිටිගල කන්දේ ඇති උද්භිද වර්ග විශේෂතා වලින් යුක්ත වේ.

එනම් මෙහි පහල මට්ටමේ වියලි කලාපිය වනාන්තර වල දක්නට ලැබෙන ශාක දැකගත හැකිය. එහෙත් කදු මුදුනට වන්නට තෙත් කලාපිය දේශගුණයක් පෙන්නුම් කරන අතර ශාකද තෙත් කලාපිය වනාන්තර වල වැවෙන ශාක විම විශේෂත්වයකි.

රිටිගල කන්ද ඓතිහාසික,පාරිසරික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන්ද වැදගත් ස්ථානයකි.

රිටිගල ගැන සෙවීම සදහා