welcome

Wednesday, June 10, 2009

රිටිගල ඉතිහාසය

රිටිගල ලියවි ඇති දෙවල් වගේම ගෙති ඇති පුරාවෘත්ත බොහොමයක් පවති.රිටිගල කන්ද ගැන වාල්මිකි ලියු රාමායණයෙත් සදහනක් තියෙනවා.

සමහර ගැමි
යෝ කියන්නේ රිටිගල කදු මුදුනේ ඇති කොටස් හනුමන්තා හිමාලයෙන් ගෙනාපුවා කියාය.රාම රාවණ යුද්ධයේදි රාමාගේ කණ්ඩායමට අනතුරු වු විටදී බෙහෙත් ඹෟෂධ හොයන්නට හිමාලයට ගිය හනුමන්තා හදිස්සියට හිමාලයෙන් කොටසක්ම කඩා ගෙනා බවත් ඉන් කොටසක් රිටිගල කදු මුදුනෙහි තැම්පත් කල බවත් ජනකතාවල කියවෙනවා.

එමෙන්ම රිටිගල ගැන විස්තර ඉතිහාසයේ වැදගත්ම ග්‍රන්ථය වන මහා වංශයේ නොයෙක් තැන්වල සදහන් වෙනවා.

පණ්ඩුකාභය කුමාරයා (ක්‍රි.පු
.377 - 307) තමාගේ මාමාවරුන් සමග සටන් කිරිම සදහා රිටිගල කදවුරු බැදගත් බවක් සදහන් වෙනවා. ඒත් ඒ කදවුරු හෝ බලකොටුවල නටබුන් හමුවි නැතත් ඒ කාලයේ සදහන් වන නම් ගම් තවමත් අවට ගම්මානවල භාවිතා වෙනවා. පණ්ඩුකාභය කතාන්දරයෙන් පස්සේ රිටිගල සිද්ධීන් පිළිබද ලේඛන ගත වුනු සාධක හමුවෙනවා. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවේ දේවානම් පියතිස්ස රජුගේ කාලයේදී (ක්‍රි.පු.247 - 207) බව අපි කවුරුත් දන්න කරුණක් නේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අලුතින් පැවිදි වු දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරිම පිණිස ස්වාභාවික ලෙන් සකස්කරලා පුජා කළ බවත් දන්නවා. මේවායේ ලෙන් සහිත ස්ථාන ශ්‍රි ලංකාවේ හැම තැනකම වගේ දකින්න පුළුවන්ය. රිටිගල කදුවැටියේ නොයෙක් තැන මේ වගේ ලෙන් සිය ගණනක් ම දකින්නට ලැබෙනවා. මේ ලෙන්වල ඒවා සකස් කරපු අය ගැන ඒ කාලේ භාවිතාවුණු බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියලා තියෙනවා. මේ විදිහට ලෙන් කරපු අය අතර අපේ ඉතිහාසයේ සදහන් වන රජවරු කිප දෙනෙක්ම හදුනාගැනිමට පුළුවන්ය. වළගම්බා රජතුමා , දුටුගැමුණු රජතුමා , සද්ධාතිස්ස රජතුමා , ලඤජතිස්ස රජතුමා මේ අතර සදහන් වන නම් කිහිපයක් පමණයි.
දුටුගැමුණු රජතුමා එළාර රජුට විරුද්ධව ගෙන ගිය සටනේදිත් රිටිගල බලකදවුරක් හැටියට පාවිච්චි කළ බව මහ වංසයේ සදහන් වෙනවා. අවුරුදු දහසකට වැඩිය අගනුවර වෙච්
ච අනුරාධපුරයට ඇත්තේ රිටිගල ඉදත් සැතපුම් විසිපහකට නොවැඩි කෙටි දුරක්ය. ඒ වගේම පොළොන්නරුවටත් පවතින්නේ ඊට ස්වල්පයක් වැඩිදුරක් පමණයි. දකුණු ඉන්දියාවෙන් නිරන්තරයෙන් එල්ලවු ආක්‍රමණ වලදී අපේඉතිහාසයේ බොහෝ රජවරු රිටිගල ආරක්ෂිත භුමියක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. එහෙම සැගවි සතුරාට නිරන්තරයෙන් පහරදී අඩපන කිරිමට රිටිගල කදවුරු බැදගත් ආකාරය මේ තොරතුරු වලින් හෙලිවනවා.

තවත් අප කවුරුත් දන්න ජනකතාවක් වන්නේ දුටුගැමුණු රජතුමා ගේ කාලයේදි (ක්‍රී.පු. 101 - 77) ඒ දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර සිටි ගොඨයිම්බර හා රිටිගල අරක්ගත් යක්ෂ ග්‍රෝතික සෙන්පතියෙක් වු රිටිගල ජයසේනත් අතර වු සටන එයත් ඉතා රසවත් පුරාවෘත්තයකි. එම කතාවේ එන හැටියට නම් මේ සට
නේදි ගොඨයිම්බර යෝධයාගේ පහරකට ජයසේනගේ බෙල්ල වෙන්වි හිස සොයා ගත නොහැකි තැනක වැටුන බවත් ඒ වගේම වළසකුගේ හිසක් ජයසේනට සවිකල බවත් කියැවෙනවා. පසුව ජයසේන මහසෝනා විය. හදිස්සියට හිස සවිකිරිමේදි හිස පසුපසට සවිකල බවත් තවමත් මහාසෝනාගේ වලස් හිස පිටුපසට ඇති බවත් කියැවෙන කතාන්දර රාත්‍රියටම එහෙම හිතට තරමක් බය හිතන කතා තමයි.
සුරතිස්ස රජතුමා (ක්‍රි.පු. 187
- 177) රිටිගල මකුලක නම් විහාරයක් කරවු බවත් මහාවංසයේ සදහන් වෙනවා. ලඤජතිස්ස රජතුමාත් අරිට්ඨ නම් විහාරයක් මෙහි ඉදිකළ බවත් සදහන් වෙනවා. (ක්‍රි.ප්‍ර. 59 - 50) එසේම ජෙට්ඨතිස්ස කුමරා සතුරනට බියේ රිටිගල රැකවරණය ලැබු බවකුත් මහාවංශයේ ම සදහන් වෙනවා. මේ විදියට නොයෙක් අවස්ථාවලදි රිටිගල සම්බන්ධව නොයෙකුත් සිදුවිම් සිදුවෙලා තියෙන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

රිටිගල ගැන සෙවීම සදහා