welcome

Wednesday, June 10, 2009

රිටිගල කන්දේ නටඹුන් ඇති තවත් ස්ථාන


ආඩියාකන්ද


රිටිගල කන්දේ නැගෙනහිර.බෑවුමේ ඇති ලෙන් හා වෙනත් නටබුන් ඇති ස්ථානයක් තමයි මේ නමින් හැදිවෙන්නේ.මෙහි දැනට ආරණ්‍යක් හැටියට බොහෝ දෙනා දන් පහන් පුදන ස්ථානයක් භික්ෂුන් වහන්සේලා කිප නමකුත් වැඩ සිටිනවා.ලෙන් 30 කටන් වැඩි ප්‍රමාණයක් තියෙනවා.රජවරුන් ගැන කියැවෙන වැදගත් ලිපි කීපයක් එහි කිබෙනවා.ගලපිටිගල හන්දියේ සිට කිලෝ මීටර් තුනක් පමණ ආ විට යාම සදහා ගුරු පාරක් වම් අතට තියෙනවා.

නා උල්පොත

ලෙන් හා ලිපිද ඇතුලුව නටබුන් රාශියක් ඇති තැනක් කන්දේ බටහිර පැත්තෙහි ඇත්තේ.එහි යා නොහැකිය.සැතපුම් කිපයක්ම පයින් ගමන් කොට කදු නැග බැස යා යුතුය. අනුරාධපුර රජධානිය සාශ්‍රීක කරමින් ගලා බසින මල්වතු ඔය ඇරබෙන්නේ මෙම සිථානයෙන් කියලයි සලකන්නේ.

මරක්කල උල්පත

මෙයත් ලෙන් හා නටබුන් ද ලිපිද ඇති තැනක් කන්දේ දකුණු බෑවුමේ වෙයි.ඊට ළගාවීමට තරමක් අසීරුය.

කුඩා අරම්බැද්ද හීන්න සහා කරඔහීන්න

මේවාද ලෙන් ඇතුලු පුරාවිද්‍යාත්මක නටබුන් ද ඇති වැදගත් ස්ථානයන්ය ය. කන්දෙහි බටහිර බෑවුමේ තැනින් තැන වෙයි.ඊට ද ප්‍රවේශය අසීරුය.

වේවැල්තැන්න

බන්දා පොකුණ ආසන්නයේ සිට නටුබුන් බලමින් ඇලෙන් වම්පසින් ඉහලට ඇදෙන අඩිපාර දිගේ බොහෝ දුරක් ඉහලට ගියවිට හමුවන තැන්නක්.මෙම ගමන යාම ඉතා දුෂ්කර කටයුත්තකි.සැතපුම් එකහමාරක් පමණ පයින් යා යුතු වෙනවා.මෙම තැනිතලාව අක්කර විස්සක් පමණ වු තැන්නක්.කදු දෙක අතර මෙම ඉඩ ප්‍රමාණය සැකසී තිබෙනවා.වේවැල් වලින් ගහණ වු නිසා මෙය වේවැල් තැන්න ලෙස හැදින්වේනවා.මෙහිද නටබුන් ද ශිලා ලේඛන ද දක්නට තියෙනවා.

කොඩිගල කන්ද

වේවැල්තැන්න පසුකරලා කන්ද උඩට නගින කොට මුදුනට ම යාමට පුලුවනී.ඒත් බන්දා පොකුණ ලග ඇති නටබුන් වලින් අනතුරුව ඉහලට යාමට විශේෂ අවසරයක් වනජීවි දෙපාර්තමේන්තුව ලබාගත යුතු බව මතක තබාගැනීම වැදගත්.එ රිටිගල දැඩි රක්ෂිතයක් නිසා.මේවා මෙහෙම සීමා කරලා තියෙන්නේ අපේ හුගක් දෙනා මෙම පරිසරය විනාහකරන නිසා පරිසරයට හානි කරන පොලිතීන් හැමතැනම දාන නිසයි.අලංකාර දුරලභ මල් හා පැලෑටි ගලවා ගෙන යන නිසයි.
කන්ද මුදුනේ අඩි විස්සක විතර හතරැස් ගලක් තියෙනවා එතැන තමයි උසම තැන.මුහුදු මට්ටමේ ඉදන් අඩි 2513 උස තැන.එ වටාම නටබුන් එහෙමත් තියෙනවා.එතැනට අනෙක් හැම කන්දක් මත් පෙනෙනවා.දකුණු පැත්තෙන් සිගිරිය උතුරු පැත්තෙන් අනුරාධපුරය ආදි බොහො‍් තැන් මෙහි ඉදලා බලාගන්න පුලුවනි.වැව් එහෙම හැම තැනම නිල් පාටට දකින්නට ලැබෙනවා.හරිම සුන්දර දර්ශණයක් තමයි.පරිසරය මිදුමෙන් තොර දවසක නම් දුරදක්නයකින්බැලුවොත්අනුරාධපුරයේ රුවන්වැලි සෑය,ජේතවන ස්තූපය අභය ගිරිය සිතූපය වැනි මහා ස්තුප දැක ගන්නට පුළුවන්.

රිටිගල ගැන සෙවීම සදහා