welcome

Wednesday, June 10, 2009

රිටිගල නම ගැන


රිටිගල කන්දට රිටිගල කියන්නේ ඇයි කියා ඔබ තවමත් නොදන්නවා ඇති.මේ ගැන අදහස් බොහෝමයක් තියෙනවා මෙවා පිළිබදව දැනගෙන සිටිම වැදගත්.

සෙල් ලිපිවල හා මහා වංශයේ රිටිගල ගැන සදහන් වන්නේ "අරිට්ඨගිරි පබ්බත"කියාය.අරිට්ඨ යනු ආරක්ෂාව යන්නයි.ඉතිහාසය පුරාම මෙම ස්ථානය මුලික කරගෙන නොයෙක් රජවරුන්ට කුමාරයන්ටආරක්ෂිත ස්ථානයක් වු මෙයට එම නම භාවිතා කිරිම අරුමයක් නොවේ.

අනෙක් තේරුම භයානක කන්ද යන්නයි.එයටද සැහෙන අර්ථ ඇත.මෙම කන්ද ආශ්‍රිතව තවමත් භයානක කතන්දර ගෙතිලා තියෙනවා.එමෙන්ම මුල් කාලයේ යක්ෂ ගෝත්‍රිකයෝ(ආදි වාසින්)ජිවත් වි ඇති නිසා මෙම කන්ද මෙලෙස හදුන්වා ඇත.

අනෙක් තේරුම තමයි ඉතා තදින් බෑවුම් වන යන්න හරියට රිටක් වගේ වන නිසා රිටිගල කියනවාය කියන එක.එමෙන්ම තනි කෙලින් ඉහලට ඇදි යන ගස් ඇති නිසාද රිටිගල ලෙස හදුන්වනු ලබයි.

තවත් වැදගත් අර්ථයක් තමයි අරිට්ඨ මහා රහතන් වහන්සේ නමින් අරිට්ඨ පබ්බත වු බව කියවෙන කතාවයි.අපි කවුරුත් දන්නවා ශ්‍රි ලංකාවේ පළමුවැනිම භික්ෂුන් වහන්සේ අරිට්ඨ මහ රහතන් වහන්සේ බව උන් වහන්සේ පැවදි වෙන්නට කලින් දේවානම් පියතිස්ස රජුගේ බෑණනුවන් හැටියටයි සදහන් වන්නේ.ශ්‍රි මහා බෝධිය වැඩම කිරිම සදහා ඉන්දියාවට දුතයකු වශයෙන් පිටත් කර හැරියේත් අරිට්ඨ කුමරුන් බවයි කියවෙන්නේ.

අරිට්ඨ පබ්බත යන නම මෙම කදු ශිඛරයට භාවිතා කර ඇත්තේ මෙයට අවුරුදු 2200 කටත් කලින් ඉදලා බවට සාක්ෂි ඇත.

රිටිගල ගැන සෙවීම සදහා