welcome

Monday, June 15, 2009

රිටිගල නටඹුන්

රිටිගල ඉතිහාසය පිළිබදව ඇති ලිපියේ සදහන්ව ඇති විහාර ලෙන් ආදිය සාදවා ඇත්තේ 1 වන සේන රජතුමා බව මහා වංශයේ සදහන් වෙනවා.(ක්‍රි.ව.831-851) ඒත් බොහෝ දෙනා පවසන්නේ මෙම නටඹුන් රජතුමාගේ මාලිගාවන් බවයි.නමුත් මේවා රජ මාලිගා වල කොටස් නොවන බව දැනටමත් සොයාගෙන තිබෙනවා.

මෙ විහාර ඇති වීම පිලිබදවත් ඇත්තේ අපුරු අදහසක්. ඉතිහාසය මුල් කාලයෙදි ම වැඩ විසු මහා සංඝයා අතර
බෙදීමක් දක්නට ලැබුනා වනවාසී හා ග්‍රාමවාසි කියලා කොටස් දෙකකට. ග්‍රාමවාසි භික්ෂුන් වහන්සේලා වැඩි
කැමැත්තක් දැක්වුයේ සිවුපස දෙන උපාසක උපාසිකාවන්ගේ ගුණ දහමී දියුනු කරගෙන සමාජය යහමගට
ගන්නට ධර්මය කියාදීමටයි. එත් වනවාසී භික්ෂුන් වහන්සේලා ඒ පිලිබද වැඩි සැලකිල්ලක් නොදක්වා වනයට
වී හුදකලාව භාවනා කොට නිවන් මාර්ගය සලසා ගන්නට උත්සාහ දැරුවා.

පසුකාලීන රජවරු මෙම වනවාසී භික්ෂුන්ට හොද ආරකෂාව ඇති විහාර ගොඩනගා දුන්නා. මෙම වර්ගයේ විහාර
වලට පධානඝර විහාර කියලයි හදුන්වන්නේ. මෙ විහාර වැඩි ප්‍රමානයක් ඉදි කෙරුනේ ක්‍රි.ව.7සිට10 දක්වා කාලයේදී බවයි උගතුන්ගේ මතය . දැන් මෙ ව්ර්ගය් පඪානඝර විහාර කීපයක්ම හදුනාගෙන තියනවා.
කුරුනෑගල අරන්කැලේ. බකමුන සුදුකන්ද,නුවරගල කන්ද,මරදන්කඩවල,මානාකන්ද,වෙහෙරබැදිගල, අනුරාධපුරයේ බසවක් කුලම වැවට එපිටින් ඇති පශ්චිමාරම නමින් හදුන්වන නටබුන් ද මෙම වර්ගයේ විහාර
ලෙසයි ගැනෙන්නේ. අනුරාධපුර ඇති මෙම වර්ගයේ විහාර නටබුන් වලට කියන්නේ දුටු ගැමුනු මාලිගා කියලා.සමාන්‍යයෙන් ජනතාව මෙම ගොඩනැගිලි රජමාලිගා හැටියට හදුන්වන එක් පුදුමයක් නොවෙ. මෙවා
ඉදිකර අති ආකාරය බැලුවහම කාට උනත් එහෙම හිතෙනවා.

මෙ කොයි තැනත් ඇති පධානඝර ඉදිකරලා අත්තේ එකම වගේ සැලැස්මකටයි. විශාල පොකුනු,භාවනා කිරීම
සදහා බොහෝ වෙහෙසවී තැනූ පෙත්මල,තනිගල පුවරු යොදා සකස් කල ගෙඩනැගිලි,රෝහල්,ගල් පාලම මෙ
අන්ග සැම තැනකම එකවගේ දක්නට ලැබෙනවා.

මෙවායේ ඇති ගොඩනැගිලි තැනිමත් හරිම විෂේෂයි. ගෙඩනැගිලි යුගලයක් තනිගල් පාලමකින් සම්බන්ද කර
ඇති ආකාරය හැමතැනකම පෙනෙන්නට තිබෙනවා. මින් එක ගොඩනැගිල්ලක ගල් කුලුනු තිබෙනවා. අනිත්
විවෘත වු වෙදිකාවක් කුලුනු සහිත ගොඩනැගිල්ල ගෙය හැටියටත් ඉදිරි පස වවෘතවු වෙදිකාව එලිමහනේ සිදු

කරන බවුන් වැඩිම ආදිය කටයුතු සදහාත් වු බවයි බොහෝ දෙනාගේ අදහස. සමහරක් ගොඩනැගිලි වට සිමාවෙදී මටසිලිටුවට කපා හැඩ කල ගල් පුවරු අල්ලා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

සමහර යුගල ගොඩනැගිලි වලට යාබදව කුඩා කුටිද .එක්එක් ප්‍රදාණාඝාරයකට වෙන්වෙන්ව සැකසු සැකිලිද
දක්නට ලැබෙන්නක් . පධානාගර අාශ්වයේ ඇති කැසිකිලි ගල්පුවරැව ද විශේශලක්ශනඇති එ්වා.
මෙම කැසිකිලි ගල් පුවරැ ඉතා විචිත්‍ර ලෙස කැටයමි කර තිබෙනවා පධානාගර විහාරවල කැටයමි අාදි
කලා කෘති දකින්නට ලැබෙන්නේම නැහැ . ඒත් කැසිකිලි ගල් පුවරැවල පමනක් කැටයම් දක්නට
ලැබිමගැන අදහස් දක්වන උගතුන් පවසන්නේ මෙම වනවාසි භික්ෂු කලාව ආදි ලෞකික විෂයන් බැහැර කල බවත්,ග්‍රාමවාසි භික්ෂුන් අගයකල කලාව ආදි ලෞකික අගයකිරි
ම පිලිකෙවි කිරිම සදහා කැසිකිල ගලෙහි පමනක් කලාත්මක දේ යොදා ඇති බවත් කියැවෙනවා.


නටබුන්

බන්දා පොකුණ

රිටිගල නටුන්.බැලීමට පිවිසෙන තැනම ඇති පොකුණ හදුන්වන්නේ බන්දා පොකුණ කියලයි.(අංක 01) එ ගලෙන් ම බැද සකස් කර ඇති නසයි.අක්කර දෙකක පමණ වන මෙහි විශාලත්වය හා ගල් පුවරු යොදා සකස් කර ඇති ආකාරය ඔබ පුදුමයට පත් කරවන්නක්.වතුර ගැලුම් විසිලක්ෂයක් පමණ එ ප්‍රමාණයට අල්ලනවා විය යුතුයි.මෙය සකසා ඇත්තේ මෙහි වැඩසිටින හාමුදුරුවන් වහන්සේලාට පැන් සැනහීම සදහායි.
මෙයින් ඉහලට ඇවිද යන විට ගොඩනැගිලි සමූහය අතරේ තවත් කුඩා පොකුණු දෙකක් තියනවා.

ජන්තාඝරය (රෝහල)

බන්දා පොකුණේන් ගොඩවෙලා කලුගලින් තැනු පිටගැට පෙල හා පෙත්මග දිගේ ඉහලට නැගෙනවිට හමුවන ගොඩනැගිල්ලට දකුණින් ඇත්තේ ජන්තාඝරයයි (අංක 02) ජන්තාඝරය කියලා කියන්නේ රෝහලට කියන නමයි.අසනීප වුන,වයසට ගිය හාමුදුරුවන් වහන්සේලාට උණුපැන් නෑම,බෙහෙත් ගැල්වීම,ඖෂධ පැන් නැවීම ආදි ආයුර්වේද වෙදකම් කරලා තියෙන්නේ මෙම ගොඩනැගිල්ලේ,ගොඩනැගිල්ල මැද තියෙන පොකුණ වගේ කොටසේ තමයි ඔය නෑවීම ආදිය ඇත්තේ කොළ,පොතු මුල්,ඇට වර්ග ආදිය අඔරා ගන්නටයි.ගල් භාජන ඇදිය එ අඔරාගත් ඖෂද වර්ග දියකර ගැනීමට ප්‍රයෝජන ගන්නට ඇති මේ වගේ රෝහල් හැම පධානඝරයකම දකින්නට තියෙනවා.
ගුල් පාලම අසල ගොඩනැගිල්ල

දන්හල

රෝහල ආසන්නයේ ඇති විශාල ගොඩනැගිල්ල මුලින් කිව්ව වගේ යුගල ගොඩනැගිල්ලකුත් ඇතුලුව ගොඩනැගිලි සමූහයක් ම තියෙනවා.(අංක 03) මේ ගොඩනැගිල්ල තරමක් විශාල එකක් මෙය 32 කින් යුක්තව ගඩොලින් බැද පෙති උලු සෙවිලි කරලා හදන එකක්.මෙහි විශාලත්වයක් අනෙක් ගොඩනැගිලි සමුහයක් සමග සළකා බලා තමයි.මෙය දන්හලක් ලෙස භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක්කේ.

පෙත්මග

දන්හල සිට ඉහළට ඇත්තේ පෙත්මගයි.(අංක 04) බන්දා පොකුණ ලග ඉදලම පටන්ගන්න පෙත්මග නැවතත් පියගැට පෙල සහිතව මෙහිදි දකින්නට පුලුවන්.මෙය ගල් පුවරු යොදා ඉතා අලංකාර ලෙස කරලා තියෙනවා.මෙිවා සක්මන් භාවනාව කරන්නටත් පාවිච්චි කරන්නට ඇති කියලයි සමහරු කියන්නේ.පෙත්මග දිගේ ටික දුරක් ගියහම මදක් නැවති ගිමන් නිවාගත හැකි ස්ථාන හමුවෙනවා.හතරැස් කොටුවක් මැද ගල් පුවරු යොදා සකස් කළ වක්‍රයක්ද එ පුහුදුන් පුද්ගලයන් නිමක් නැනිව සංසාර චක්‍රයේ ගමන් කරන ආකාරය පෙන්වීමට මේවා කර ඇති බවයි සමහරු කියන්නේ.කොහොම වුවත් මේවා ගැන ඔබටත් යමක් හිතන්නට අවස්ථාව තිබේනවා.මේ පෙත් මග දිගේ තවදුර ගියාහම තවත් එවැනිම ගලින් කරන ලද වටයක් හමුවෙනවා.මෙය සමහර විටකදි පාදෝවන කරන්නට තනා තිබෙක්නට ඇත.

යුගල ගොඩනැගිලි

ඉන් පස්සේ ඔබ පිවිසෙන්නේ යුගල ගොඩනැගිල්ලක් තුළටයි.(අංක 06) මෙය මෙහි ඇති එම නිමාවෙන් යුක්ත ගොඩනැගිලි කීපය අතුරින් එකක්.හොදින් කපා සැකසු ගල් පුවරු යොදා ගොඩනැංවු වට ප්‍රාකාරය සහිතව යුගල ගොඩනැගිල්ලද, පරිවාර ගොඩනිගිල්ලද මෙහි තිබෙනවා සමහර අය කල්පනා කරනවා මෙම ගොඩනැගිලි ඇති මාලයක තුළ අගල් කීපයකවත් ජලය රදවා තබා ගත්තාය කියලා.එ අය කියන්නේ.විවෘත වේදිකාවක ඇති ගොඩනැගිල්ලයි.ගල් කුලුනු උඩ ලී බාල්ක දමා ලී කට්ටුවක් යොදා ගොඩනැගිල්ල එ මත තනා තිබෙන්නට ඇති.
එයින් ඉහලටත් එ වගේ ම ගොඩනැගිල්ලක් දක්නට ලැබෙනවා.මෙම ප්‍රදේශයේ අක්කර හැටක් පමණ විශාල ප්‍රදේශයක් පුරා මේ විදිහේ ප්‍රධානගර ගොඩනැගිලි පනහකටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා.මේ ඔක්කෝම බලන්නට නම් අඩුම ගණනේ දවසක් වත් ගත කරන්නට සිදුවේවි. එ අතර මග ගල් පාලම් ආදි නොයෙකුත් ආකාරයේ නටබුන් ඍබට විශ්මය පත්කරවීම.

ලෙන්

මේ ප්‍රදේශයේ කටාරම් කොටා සැකසු ලෙන් දහසකටත් වැඩි ප්‍රමාණයක් දක්නට තිබෙනවා මේවා මුල් කාපයේදීම හමුදුරුවන් ජිවත් වු එවායි.එ ක්‍රි.පු. මුල් කාලයේ වඩාත් පැහැදිලිව කිව්වෝත් මීට අවුරුදු දෙදහකටත් එහා කායයකදි කල එවා. එක ලෙනක කුඩා බුදු පිළිම දෙකකුත් තියෙනවා.ඒත් එවා ඉතා මැතකදි ගෙනත් තිබු එවා හැයියටයි සලක්න්නේ (අංක 07)
අර මුලින් කිව්ව වනවාසී හමුදුරුවන් වැදුම් පිදුම් කටයුතු එතරම්ම තැකීමක් කලේ නැහැ.එකයි මේවාගේ බුදුපිලිම, සිතූප ආදිය දක්නට නැත්තේ එවා ඇතන් ඈතින් තමයි තියන්නේ.

රිටිගල ගැන සෙවීම සදහා