welcome

Wednesday, June 10, 2009

රිටිගල පර්යේෂණ

රිටිගල පර්යේෂණ

රිටිගල ගැන මුලින් ම පුරාවිදු පරියේෂණයක් කලේ එච්.සී.පී.පෙල් මහතා එ 1893 තරම් ඈත කාලයක.ඔහු තමයි ලංකාවේ හිටපු පළමුවැනි පුරාවිද්‍යා කොමාසාරිස් තුමා.එතැන් ඉදලා දිගට ම වසර සියයකටත් අධික කාලයක් තිස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වුනා.පසුගිය සියවසේ මහා විද්වතෙකු වු එවාගේම කලාතුරකින් පහල වන අසහාය ප්‍රාඥයකු වු සෙනරත් පරණවිතාන මහත්මයාත් මේ ස්ථානය පිළිබද අවධානය යොමුකර තියෙනවා වගේම පසුගිය සියවස් එකහාමාරක පමණ කාලයක් රිටිගල ගැන විවිධ විද්වතුන් හා පුද්ගලයන් විවිධාකාරයෙන් පර්යේෂණ කටයුතු කරලා තියෙනවා.මුලදිත් මතක් කලානේ රිටිගල කියන්නේ හැම විෂයක් ම වගේ අධ්‍යනය කරන්නට සම්පත් තියෙන මහා භාණ්ඩාගාරයක් වගේය කියලා.එ නිසාම රිටිගල කියන්නේ ජාතික සම්පතක්.මේ ජාතික සම්පත් අගය කිරිමටත් එවා රැක ගැනිමටත් අපගේ යුතුකමක්.

රිටිගල ගැන සෙවීම සදහා